අසාත්මිකතා

අසාත්මිකතාවය යනු යම් ආහාරයකට හෝ ද්‍රව්‍යයකට ඔබගේ ශරීරයෙන් ඇතිවන ප්‍රතික්‍රියාවයි. අසාත්මිකතා ඉතා බහුලය. මේවා විශේෂයෙන්ම දරුවන් අතර සුලබය. සමහර අසාත්මිකතා ඔවුන් වයසට යාමත් සමඟම ඉවත් වී ගියද බොහෝමයක් ජීවිතකාලය පුරාම පැවතිය හැක. වැඩිහිටියන්ට කලින් ආසාත්මික නොවන දේවල් වලට අසාත්මිකතා ඇති විය හැක. අසාත්මිකතාවයක් ඇතිවීම කරදරයක් විය හැකි අතර ඔබගේ දිනපතා ක්‍රියාකාරකම් සඳහා මෙය බලපායි. නමුත් බොහෝ අසාත්මික ප්‍රතික්‍රියා මෘදු වන අතර විශාල වශයෙන් පාලනය කල හැක. දරුණු ප්‍රතික්‍රියා සමහර අවස්ථාවල ඇතිවිය හැකි වුවද මෙය අසාමාන්‍ය ය.

බහුල අසාත්මිකතා

අසාත්මිකතා ඇති කරවන ද්‍රව්‍ය අසාත්මිකතාකාරක ලෙස හැඳින්වේ. වඩාත් පොදු අසාත්මිකතාකාරක වලට ඇතුළත් වේ:

  • තෘණ සහ ගස් පරාග- මේවාට අසාත්මිකතාවය දැක්වීම හේ ෆිවර් (Hayfever) ලෙස හැඳින්වේ. ඇලර්ජික් රයිනයිටිස් (Allergic rhinitis)
  • දූවිලි මයිටාවන්
  • සත්ව හිස්සොරි (සමේ හෝ හිසකෙස් කැබැල්ල)
  • ආහාර - විශේෂයෙන් ඇට වර්ග, පලතුරු, කටුවකින් ආවරණය වූ මාළු, බිත්තර හා එළදෙනුන්ගේ කිරි
  • කෘමි සපාකෑම් සහ දෂ්ඨකිරීම
  • ඖෂධ - අයිබියුප්රෝෆෙන් (Ibuprofen) ඇතුළුව, ඇස්පිරින් සහ සමහරක් ප්‍රතිජීවක ඖෂධ
  • රබර් - සමහර අත්වැසුම් හා කොන්ඩම් සෑදීමට භාවිතා කරන
  • පුස් - ඔබ හුස්ම ගන්නා වාතය තුලට කුඩා අංශු නිදහස් කළ හැකිය
  • ගෘහස්ත රසායනික ද්‍රව්‍ය - රෙදි සෝදන කුඩු සහ හිස කෙස් වර්ණක ඇතුළුව

මෙම අසාත්මිකතාකාරක බොහොමයක්, මේවාට අසාත්මිකතාව නොදක්වන පුද්ගලයන්ට හානිකර නොවේ.

අසාත්මිකතා ප්‍රතික්‍රියාවක රෝග ලක්ෂණ

අසාත්මිකතාකාරක වලට නිරාවරණය වී සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් ඇතුලත, අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති වේ. ඒවාට හේතු විය හැක:

  • කිවිසීම
  • දියර සහිත හෝ අවහිර වූ නාසය
  • රතු වූ, කසන, කඳුළු පිරුණු ඇස්
  • පපුවේ මහන්සිය සහ කැස්ස
  • සමෙහි රතුපාට කැසීම් සහිත පලු ඇතිවීම
  • නරක අතට හැරෙන ඇදුම හෝ එක්සිමා (Eczema) රෝග ලක්ෂණ

බොහෝ ආසාත්මිකතා ප්‍රතික්‍රියාවන් මෘදු වේ, නමුත් සමහර අවස්ථාවලදී බරපතල ප්‍රතික්‍රියා වන ඇනෆිලැක්සිස් (Anaphylaxis) හෝ ඇනෆිලැක්ටික් ෂොක් (Anaphylatic shock) ඇතිවිය හැක. මෙය හදිසි වෛද්‍ය තත්වයක් වන අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ.

අසාත්මිකතා සඳහා උපකාර ලබා ගැනීම

ඔබට හෝ ඔබේ දරුවාට යම් දෙයක් සඳහා අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවුයේ යයි ඔබ සිතන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක රෝග ලක්ෂණ අනෙක් තත්වයන් සඳහාද හේතු විය හැකිය.

අසාත්මිකතාවන් පාලනය කළ හැක්කේ කෙසේද

ආසාත්මිකතාවයන් පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ බොහෝ අවස්ථාවලදී ප්‍රතික්‍රියාවට හේතු වන අසාත්මිකතාකාරක හැකි සෑම විටම වළක්වා ගැනීමයි. උදාහරණයක් වශයෙන්, ඔබ යම් ආහාරයකට අසාත්මිකතාවය දක්වන්නේ නම්, ආහාර ලබා ගැනීමට ප්‍රථම එම ආහාරයේ අඩංගු දේවල් පිළිබඳව දැනුවත් විය යුතුය. අසාත්මිකතා ප්‍රතික්‍රියාවලදී රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ඖෂධ කිහිපයක්ද තිබේ:

  • අන්ටිහිස්ටමින්ස් (Antihistamines) - ප්‍රතික්‍රියාවේ රෝග ලක්ෂණ ඔබට දැකගත හැකි වූ විට හෝ ඔබ අසාත්මිකතාකාරකයට නිරාවරණය වීමට පෙර (රෝග ලක්ෂණ මතුවීමට පෙර) මෙම ඖෂධ ලබා ගත හැක
  • නාසය අවහිර වීම වැලැක්වීම සඳහා -බෙහෙත් පෙති, කැප්සූල් නාසයට ඉසින ස්ප්‍රේ වර්ග හෝ දියර වර්ග, නාසය අවහිර වීම සඳහා කෙටි කාලීන ප්‍රතිකාර ලෙස භාවිතා කල හැක
  • සමෙහි ඇති තෙතමනය රඳවාගැනීමට උපකාරී වන ක්‍රීම් වර්ග සහ සමෙහි ගල්වන දියර වර්ග - මේවා මගින් සමෙහි රතු පැහැය සහ කැසීම අඩු කර ගත හැක
  • ස්ටෙරොයිඩ් ඖෂධ - ආසාත්මිකතාවයක් හේතුවෙන් ඇතිවන රතුපාට හා ඉදිමුම අඩු කිරීමට උපකාර කළ හැකි, ස්ප්‍රේ, බින්දු, ඉන්හේලර්ස් සහ ක්‍රීම් වශයෙන් ලබා ගත හැක

උග්‍ර ලෙස අසාත්මිකතාවන්ගෙන් පෙළෙන ඇතැම් අය සඳහා ඉමියුනෝතෙරපි (Immunotheraphy) ලෙස හැඳින්වෙන ප්‍රතිකාරය නිර්දේශ කරනු ලැබේ. පාලනයක් සහිතව වසර ගණනාවක් පුරාවට අසාත්මිකතාකාරකයට නිරාවරණය වීම නිසා, ඔබගේ ශරීරය ඒ සඳහා පුරුදු වීම හේතුවෙන් බරපතල ලෙස ප්‍රතිචාර නොදක්වයි.

අසාත්මිකතාවයන්ට හේතු වන්නේ මොනවාද?

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි හානි කර ද්‍රව්‍යයකට ප්‍රතික්‍රියා කරන විට අසාත්මිකතාවයක් ඇතිවේ. මෙය සිදු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. නමුත් මෙම බොහෝ පුද්ගලයින් අසාත්මිකතාවය පිලිබඳ පවුල් ඉතිහාසයක් ඇති හෝ ඇදුම හෝ එක්සිමා වැනි තත්ත්ව වලට ඉතා කිට්ටු සම්බන්ධකමක් ඇති අය වේ. සෑම වසරකදීම අසාත්මිකතා ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවේ. මේ සඳහා හේතුව අවබෝධ කරගත නොහැක. නමුත් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගනුදෙනු කිරීමට සිදුවෙන විෂබීජ ප්‍රමාණය අඩු කරනු ලබන පිරිසිදු විෂබීජ රහිත පරිසරයක ජීවත් වීම ප්‍රධාන න්‍යායන්ගෙන් එකකි. අන්තරාදායක නොවන ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වන අවස්ථාවලදී මෙය වැඩිපුර ප්‍රතික්‍රියා කිරීමට සිදුවන බව සිතිම මෙයට හේතු විය හැක.